01 July 2025

logo

ගැබිණි මාතාවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක්



කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා ඇති කාර්යාල වෙනුවෙන් රුපියල් මිලියන 720ක් වෙන් කිරීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ගැබිණි මාතාවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් වෙනුවෙන් මාසික ආධාරයක් ලබා දීමටද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.

ඒ වෙනුවෙන් වෙන් කිරීමට යෝජනා කර ඇති මුදල රුපියල් මිලියන 750ක්.

ගැබිණි මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ත්‍රිපෝෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමටද යෝජනා කර තිබෙනවා.

 
colombotimes.lk