20 May 2026

logo

රුසියානු ජනපති අද චීන ජනපති හමුවෙයි



රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අද (20) බීජිං අගනුවරදී චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් හමුවීමට නියමිත තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (19) රාත්‍රියේ රුසියානු ජනාධිපතිවරයා බීජිං නුවරට ළඟා වූ බවයි.

ඔහු පිළිගැනීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය පුටින්ගේ 25වන නිල චීන සංචාරය බවයි.

(colombotimes.lk)