දකුණු කැලිෆෝනියාවේ සිමි වැලී නගරයේ නිවාස ආසන්නයට පැතිර යන දරුණු ලැව්ගින්නක් හේතුවෙන් එම ප්‍රදේශවලින් දහස් ගණන් ජනතාවට වහාම ඉවත්වන ලෙස නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (18) උදෑසන ආරම්භ වූ මෙම 'සැන්ඩි ෆයර්' නමැති ලැව්ගින්න කෙටි වේලාවකින් අක්කර 500ක් පුරා පැතිර ගොස් ඇති අතර පැයට සැතපුම් 30ක පමණ වේගයෙන් හමාගිය තද සුළඟ හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වී ඇති බවයි.
එමෙන්ම සිමි වැලී නගරය සම්පූර්ණයෙන්ම දුමාරයෙන් වැසී ගොස් ඇති අතර හෙලිකොප්ටර් යානා මඟින් ජලය ඉසිමින් ගින්න නිවීමට උත්සහ කරන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(colombotimes.lk)
