11 May 2025


උතුරේ ඉඩම් බෙදන්න ස්ථිර කාර්යාලයක්



උතුරු නැගෙනහිර පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. 

ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ නියෝග පරිදි. 
 
මෙම කාර්යාලය යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබෙනවා. 
 
මෙය මගින් මාස හයක කාලසීමාවක් ඇතුළත අදාල ගැටලුව විසඳිය යුතු බවට ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇති බව සඳහන්.
(colombotimes.lk)