හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින්.
බොරලැස්ගමුවේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 24ක් සිය භාරයට ගත් බවයි.
සැකකරු විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී මෙරට ජාවාරම් සිදු කළ බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
(colombotimes.lk)
