11 June 2026

logo

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතිහාසගත වෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව එම ධූරය වැඩිම කාලයක් සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාස ගත වී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (10) වන විට ඔහු අග්‍රාමාත්‍ය ධූරයේ දින 4,399ක් සම්පූර්ණ කිරීමත් සමඟ වාර්තා අතරට එක්ව තිබෙන බවයි.
 
මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් ජනාධිපතිවරයාද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට ලිපියක් මඟින් සිය සුබ පැතුම් එක්කර තිබෙනවා. 

එම ලිපියේ සඳහන් කර ඇත්තේ මෙම සන්ධිස්ථානය මෝදිගේ දීර්ඝ සේවා කාලය පමණක් නොව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ, ජනතාව ඔහුගේ නායකත්වය කෙරෙහි තැබූ විශ්වාසයද පිළිබිඹු කරන බවයි. 

(colombotimes.lk)