කාර්යාලීය සීඝ්‍රගාමී දුම්රියක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අද (10) සවස මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ අලුත්ගම ඩිපෝව පාර පිහිටි දුම්රිය හරස් මාර්ගයේදීයි.
එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් වන කරපාගල යගිරල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අපරික්ෂාකාරී ලෙස එය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදුවී අතු බවට මූලික විමර්ශවලදී අනාවරණය වී ඇති බවයි.
(colombotimes.lk)
