ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ලබන 15වනදා සිට දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පසුගිය සති කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවයි.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය 8, 9 සහ 10 යන දිනවලදී ද දිවයින පුරා විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින්ද මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
නිවාස, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ආශ්‍රිතව මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යාවශ්‍ය බවද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
