19 April 2025


ඇමරිකාව සහ ලංකාව අතර වෙළඳ පරතරය අවම කර ගැනීමට යෝජනාවලියක්



ඇමරිකානු නිර්දේශ පරිදි දෙරටේ වෙළෙඳ පරතරය අවම කර ගැනීම සඳහා වන යෝජනාවලියක් එළඹෙන අඟහරුවාදා (08) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී එරට බලධාරීන්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කළා.

ඒ ඇමරිකානු නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

(colombotimes.lk)