02 June 2025


එංගලන්තයේ ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වයි



තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එංගලන්තයේ ගුවන්යානයක් හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන්යානය පියාසර කිරීම ආරම්භ කිරීමත් සමඟ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම යානය හදිසියේ ගොඩබෑම සිදුකර ඇති බවයි.
 
එම අවස්ථාවේ ගුවන්යානය තුළ මගීන් 70 දෙනෙක් රැඳී සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉන් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.


(colombotimes.lk)