පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි.
යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහිකමක් බවට පත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තමන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
(colombotimes.lk)