04 July 2025

logo

ආර්ජන්ටිනාවේ ඇළ මාර්ගයක් රතු පැහැයට හැරෙයි



ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝස් අයර්ස්හි තදාසන්න ප්‍රදේශයක ඇළ මාර්ගයක් ඊයේ (07) දීප්තිමත් රතු පැහැයට හැරී තිබෙනවා.

එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ රෙදිපිළි සායම් බැහැර කිරීම හෝ අසල ඩිපෝවකින් රසායනික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙම වර්ණය ඇති වී තිබෙන බවයි.

වර්ණය වෙනස්වීමට හේතුව තීරණය කිරීම සඳහා සරන්ඩි ඇළෙන් ජල සාම්පල ලබාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.





(colombotimes.lk)