04 July 2025

logo

බ්‍රසීලයේ බිහිසුණු ගුවන් අනතුරක්



බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ ජනාකීර්ණ වීදියකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම යානය මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ඇතුළු රථවාහන කිහිපයක් මතට කඩාවැටී ඇති බවයි.

යානය කඩා වැටීමත් සමඟ එම ගුවන්යානය සහ අනතුරට ලක්වූ රථවාහනද ගිනිගැනීමට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සැහැල්ලු ගුවන් යානයේ හිමිකරු ධනවත් නීතීඥවරයෙක් බවයි.

(colombotimes.lk)