07 February 2025


ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ජනවාරියේදී අඩුවෙයි



ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළදී 0.9%ක සුළු පහළයාමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන තුළින් හෙළි වී තිබෙනවා.

2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12ක් ලෙස සටහන්වී තිබූ බවයි වාර්තා වන්නේ.

එය 2025 ජනවාරි මාසය තුළදී ඩොලර් බිලියන 6.06ක් දක්වා සුළු පහළයාමක් පෙන්නුම් කර තිබෙනවා.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජනවාරි මාසය තුළදී ඩොලර් බිලියන 6.04 සිට ඩොලර් බිලියන 5.98ක් දක්වා 1%කින් පහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)