අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවූ හිටපු සුරාබදු කොමසාරිස් ඒම්. ජේ. ගුණසිරි ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස 29 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ එම පෙත්සම අද (07) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන පුද්ගලයන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මැයි මස 29වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
බලපත්‍රලාභී මත්පැන්හල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)