ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බවයි.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා පවසා තිබෙනවා.
(colombotimes.lk)