ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සම්බාධක පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනතාවට සහ ඊශ්‍රායල ජනතාවට පදනම් විරහිතව සහ නීති විරෝධීව කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස සම්බාධක පනවා ඇති බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ඊට අදාළ යෝජනාවට ඊයේ (07) අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට සහය දක්වන පුද්ගලයන්ට සහ එම පවුල්වලට මූල්‍යමය සීමා කිරීම් මෙන්ම ආර්ථික වශයෙන් බලපෑම් වන බවයි.
(colombotimes.lk)