01 July 2025

logo

ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිබත් කරයි



බංගලාදේශ හිටපු අගමැතිනිය ෂෙයික් හසීනාගේ පවුලේ නිවස ගිනිතබා විනාශ කර තිබෙනවා.

මෙලෙස ගිනිතබා ඇත්තේ ඇයගේ පියා එනම් නිදහස් බංගලාදේශයේ නිර්මාතෘ ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ නිවසයි.

හසීනාගේ අවසරෙයෙන් අනුස්මරණ කෞතුකාගාරයක් ලෙස සංවර්ධනය කර තිබූ මෙම නිවස හසිනාගේ පවුලට එරෙහිව විරෝධතාවක නිරතව සිටි පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය අගෝස්තු මාසයේදී පැවති බංගලාදේශ ශිෂ්‍ය ක්‍රියාකාරී විරෝධතා අතරතුර පලාගිය හසිනා තවමත් ඉන්දියාවේ රැඳී සිටින බවයි.

(colombotimes.lk)