වියට්නාමයෙන් වසර ගණනකට පසු වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සටහන් වී තිබෙනවා.
වසර හතරකට පසු වාර්තාවූ වැඩිම උෂ්ණත්වය එය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වියට්නාමයේ උතුරු තාන් හො පළාතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.1 ක් ලෙස ඊයේ සටහන් වී තිබුණු බව සඳහන් වනවා.
2019 වසරේදී වියට්නාමයෙන් වාර්තාවූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.4 ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)