වහාම නගරාධිපතිරු, නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු කියා සිටියේ මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙසයි.
එමෙන්ම විශේෂයෙන්ම නගර සභාවල නගරාධිපතිවරුන්, නාගරික මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සභා සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බවද නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස්පතිවරයාට තමාට ජීවිතාරක්ෂාවක් අවශ්‍ය බවට දන්වා සිටියත් අවශ්‍ය ආරක්ෂාව ලබානොදුන් බවයි.
(colombotimes.lk)
