31 May 2025


වැස්සෙන් සහ සුළඟින් පීඩාවට පත් පවුල් ගැන අනාවරණයක්



දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 485කට අයත් පුද්ගලයන් 1757දෙනෙක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමඟ ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා වුණා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 9කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදුවී ඇති බවයි.
 
මෙහිදී නිවාස 3කට පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා. 

කෙසේවෙතත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ලවී තිබූ අතර මාර්ග කිහිපයක වාහන ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)