දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.
(colombotimes.lk)