30 January 2025


2024 වසරේ වන අලි මරණ ගැන හෙළිදරව්වක්



2023 වසරට සාපේක්ෂව 2024 වර්ෂය තුළ වන අලි මියයාම් පහළ ගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වන අලි මරණ අවම කරගැනීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ආරම්භ කළ වැඩසටහන් ඔස්සේ මෙලෙස වන අලි මරණ සංඛ්‍යාව අවම කරගැනීමට හැකි වූ බවයි.

ඒ අනුව 2023 වර්ෂය තුළ වන අලි මරණ 488ක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් 2024 වර්ෂයේදී එම මරණ සංඛ්‍යාව දැක්වුණේ 388ක් ලෙසයි.

පසුගිය වසරේ වන අලි මරණ අතරින් වැඩි මරණ සංඛ්‍යාවක් නැගෙනහිර වනජීවී කලාපයෙන් වාර්තා වී තිබෙනවා.

එම සංඛ්‍යාව 81ක් බවයි වාර්තා වන්නේ.

පොළොන්නරුව වනජීවී කලාපයෙන් වන අලි මරණ 78ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර වනජීවී කලාපයෙන් මරණ 53ක් සහ ඌව වනජීවී කලාපයෙන් මරණ 43ක් වාර්තා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වසරේ ජනවාරි මස ගතවූ දින කිහිපය තුළ වන අලි මරණ 16ක් සිදුවී තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් වැඩි සංඛ්‍යාවක් වෙඩි තැබීම් හේතුවෙන් සිදුවී ඇති බවයි.

(colombotimes.lk)