colombotimes.lk
සිංහල | English

25 April 2024

වයසට යෑම නවත්වන රහස් ක්‍රමයක් සොයාගනී



කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් පරම්පරා ගණනාවක් තිස්සෙම මුහුණ දුන් ගැටළුවක් තමයි කළු කෙස් සුදුවීම.

මෙය අහලට සිදුවීම ගොඩක් දෙනෙක්ට මහලු වීමට ප්‍රථම මහලු පෙනුමක් ලබා දීම හේතුවෙන් බොහෝ දෙනෙකු කනස්සල්ලට පත්වූ හේතුවන් වනවා.

නමුත් මේ වනවිට විද්‍යාඥයින් පිරිසක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී හෙළිවී ඇත්තේ කළු කෙස් සුදු වීම ආපසු හැරවිය හැකි බවයි.



මෙම පරීක්ෂණයේදී අධ්‍යනය කර ඇත්තේ හිසේ ප්‍රාථමික සෛල හෙවත් අනෙකුත් සෛල බවට පරිවර්තනය විය හැකි සෛල පිළිබඳවයි.

ඒ අනුව මෙම ප්‍රථමික සෛල වලට කෙස් කළඹේ වර්ධන මැදිරි අතර ගමන් කිරීමට හැකිවන පරිදි විශේෂ හැකියාවක් පවතිනවා.

නමුත් අප වයසට යන විට සිදුවන්නේ, මෙම ප්‍රථමික සෛල රෝම කූප Bulge එකක සිර වීමයි.



එහිදී සිදුවන්නේ මෙම සෛල වර්ණක සෛල බවට ප්‍රතිජනනය කිරීමට නොහැකි වී, හිසකෙස් අළු පැහැයට හැරීමයි.

ඒ අනුව පරීක්ෂකයින් පවසන්නේ මෙම ක්‍රියාවලිය ආපස්සට හැරවීම මඟින් හිස කෙස් සුදුවීම මගහරවා ගැනීමට හැකියාව ලැබෙන බවයි.

මේ හේතුවෙන් යම් දිනක මිනිසුන්ට තම හිසකෙස් වර්ණ ගැන්වීමකින් තොරව ස්වභාවිකව තබාගැනීමට හැකි ප්‍රතිකාරයකට මඟ හෙළිවන බවද ඔවුන් සඳහන් කළා.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES)