දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 51දෙනෙක්ට අධික පිරිසක් මියගොස් තිබෙන බවයි.
එමෙන්ම පුද්ගලයන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල දෛනිකව වෙඩි තැබීම් සිදු වන අතර වැඩිම පිරිසක් මියගිය හා තුවාල ලැබූ සිදුවීම මෙය බවයි.
ලෝක ආහාර වැඩසටහන යටතේ පිටි ලබා දෙන තවත් ස්ථානයකට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
(colombotimes.lk)