17 March 2025


ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹට



ප්‍රංශ නාවික හමුදාවට අයත් 'PROVENCE' නම් නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (16) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ DESTROYER වර්ගයට අයත් මෙම නෞකාව දිගින් මීටර් 142.20ක් වනවා.

එමෙන්ම කාර්ය මණ්ඩලය (නැව් මුළුව) 160කගෙන් සමත්විතයි.

'PROVENCE' නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ ප්‍රධාන ස්ථාන රැසක් නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

නිල සංචාරය අවසන් කරමින් නෞකාව එළඹෙන 20වනදා දිවයිනෙන් පිටත්වයාමට නියමිතයි.

(colombotimes.lk)