යම් පිරිසක් විසින් වැලිකඩ, පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට තොරතුරක් වාර්තා වී තිබෙනවා.
ඒ අද (17) සිට 21 වනදා දක්වායි.
එම තොරතුර මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් වග උත්තරකරුවන් වෙත මෙම දැනුම්දීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්. එම්. එල්. රංවල.
එමෙන්ම අදාළ දිනවලදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයන්ට බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමට වගබලා ගතයුතු බවට අධිකරණය විසින් දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)