ඇමරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ ට්‍රම්ප් විරෝධී රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්.
දෙවැනි ලෝක යුද සමයේ 1942 වසරේදී Voice of America මාධ්‍ය ජාලය නාසි සහ ජපන් ප්‍රචාරණ වලට එරෙහි විකාශන ජාලයක් ලෙස ආරම්භ වනවා.
BBC මාධ්‍ය ජාලයෙන් කුලී පදනම මත ලබාගත් සම්ප්‍රේෂණ උපාංග ඔස්සේ එහි විකාශය කටයුතු ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට ලොව පුරා භාෂා 48කින් එහි විකාශන ජාලය ව්‍යාප්තව ඇත්තේ ගුවන් විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් යන සියලු විද්‍යුත් මාධ්‍ය ජාලා ඔස්සේ බව විදෙස් මාධ්‍යවල සඳහන් වනවා.
ඒ වටා දෛනිකව රොක්ව සිටින ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ප්‍රජාව මිලියන 361 ඉක්මවන බවයි වාර්තා වන්නේ.
Voice of America මාධ්‍ය ජාලය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ විධායක නියෝගයට 1976 වසරේදී එවක හිටපු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින් අත්සන් තබා තිබෙනවා.
එතැන් සිට එය ඇමරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල් පාලනය වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම වාර්ෂික අයවැයෙන් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 267කට අධික මුදලක් වැය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා උපදේශකයෙක් වන එලෝන් මස්ක් Voice of America වසා දමන ලෙස සිය x ගිණුමෙන් පසුගියදා ඉල්ලීමක්ද කර තිබෙන බවයි.
ජනාධිපතිවරයා එය වසා දැමීමට තීරණය කිරීමත් සමඟ එහි සේවය කළ 1300ක් පමණ වූ සේවක පිරිසට වැටුප් රහිත නිවාඩු ලබා දී තිබෙනවා.
එරට විචාරකයන් සඳහන් කළේ ඇමරිකාවේ පැරණිතම ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් එලෙස වසා දැමීමට තීරණය කිරීම හරහා ට්‍රම්ප් ආණ්ඩුවේ මාධ්‍ය මර්දනකාරී වැඩපිළිවෙළ මනාව පිළිබිඹු වන බවයි.
එය මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ පහරක් බව ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පවසනවා.
(colombotimes.lk)