17 July 2025

logo

කොවිඩ් මරණ ගැන භයානක හෙළිදරව්වක් - මෙරටින් මරණ 02ක්



නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා.

ඔහු සඳහන් කළේ මෙරට ස්වසන රෝගීන්ගෙන් 9%ත් 13%ත් අතර සංඛ්‍යාවකට නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි. 

මෙම කොවිඩ් ආසාදනය හානිකර තත්ත්වයන් ඉතාම අවම තත්ත්වයක පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොමැති බවත් විශේෂිත කණ්ඩායම් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්යවරයා සඳහන් කළා.

(colombotimes.lk)