වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව මහල් 6කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුවී ඇති බවයි.
වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සඳහා පර්චස් 7 බැගින් වෙන් කර තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදු වන බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළා.
එහි ලේකම්වරයා කියා සිටියේ ඒ පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බවයි.
මේ අතර ඉන්දීය ආධාර මත ඉදි කරන නිවාස 10,000ක වැඩ අවසන් කළ තවත් නිවාස 990ක් ජනතාව වෙත භාරදීමට සැලසුම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)