12 December 2024


විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය ගන්නා දිනය මෙන්න



ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බවයි.

(colombotimes.lk)