මරදාන අලෙවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදු කරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ පෙත්සමක් අද (09) කැඳවීමෙන් අනතුරුවයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරියේ අදාළ පෙත්සමක් කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කියා සිටියේ මෙම කරුණට අදාළව අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක්ද තමන් විසින් ගොනුකර තිබෙන බවයි.
කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ අදාළ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තම සේවා දායකයා අවශ්‍ය පියවර ගෙන තිබෙන බවයි.
ඒ අනුව මෙම නඩුකරය සමථයකට පත්කර ගැනීම සුදුසු බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා.
එම කටයුතුවල ප්‍රගතිය එළඹෙන වසරේ අප්‍රේල් 01 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළා.
(colombotimes.lk)