25 January 2026

logo

රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඇමරිකාවේ සහය



වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහය ලබාදෙන බව දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළා.

ඒ අද (07) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් ඇති මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙළට තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බවයි.
 
එමෙන්ම දේශපාලන ආර්ථික හා සමාජය කරුණු සම්බන්ධ ප්‍රමුඛතා හඳුනාගෙන නව රජය ගෙනයන වැඩපිළිවෙළ මෙහිදී ඔහු ඇගයීමට ලක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

(colombotimes.lk)