දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ කිසියම් කණ්ඩායමක් විසින් Online ඔස්සේ දුම්රිය ආසන වෙන් කරන ප්‍රවේශ පත්‍ර බහුතරයක් මිලදී ගෙන පසුව ඒවා දෙස් විදෙස් සංචාරකයන්ට වැඩි මුදලට විකුණන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.
මේ තුළින් සත්‍ය වශයෙන්ම සංචාරයේ යෙදෙන්නන්ට ඉන් දැඩි පීඩාවක් සිදුවන බවද නියෝජ්‍ය අමාත්‍යරයා පෙන්වාදී තිබෙනවා.
ඔහු සඳහන් කළේ එම ක්රියාවේ නිරත වන පුද්ගලයන්ගේ දුරකථන අංකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.
ඒ අනුව අදාළ වංචාවේ නිරත වූ සියලු පුද්ගලයන්ව කඩිනමින් නීතියේ රැහැනට යොමු කර ගත හැකි බවද ඔහු සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියේ වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාව දැඩි කරන ලෙස ද උපදෙස් දී ඇති බවයි.
(colombotimes.lk)