colombotimes.lk
සිංහල | English

01 May 2024

පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් - සනත් නිශාන්ත



තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

දින 14 කාලයක් සඳහා තමන්ට පනවා තිබූ තහනම අවසන් වීමත් සමඟ ඊයේ ( 07) ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

පසුගිය 21 වෙනිදා පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් කතානායකවරයා විසින් සනත් නිශාන්ත අමාත්‍යවරයාට දින 14 පාර්ලිමේන්තු තහනමක් පනවනු ලැබුවා.
(colombotimes.lk)