colombotimes.lk
සිංහල | English

09 May 2024

තායිවානයට ප්‍රබල භූ කම්පනයක්



අද (27) උදෑසන තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදු වී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයක් ලෙසයි සටහන් වන්නේ.

මෙම භූ කම්පනය තායිපේ අගනුවරට ද බලපෑම් කර තිබෙනවා.  

ඒ අනුව අප්‍රේල් මස සිදු වූ භූ කම්පනයෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර ඉන් අනතුරුව කම්පන 1,000කට අධික සංඛ්‍යාවක් ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)