ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස ඊයේ (14) අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ ආරක්ෂක අමාත්‍යාංශයේදීයි.
ඇමරිකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි Julie Chung සහ මොන්ටානා ජාතික ආරක්‍ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් Trenton Gibson විසින් මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා විසින් එයට අත්සන් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13වන දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරන බව වැඩිදුරටත් සඳහන් වනවා.
(colombotimes.lk)
