22 April 2025


කතෝලික ජනතාවට සභාවෙන් විශේෂ දැනුම්දීමක්



අති උතුම් ශුද්ධෝත්තම පියාණන්ගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් කතෝලික නිවාස ඇතුළු ආයතනවල ශුද්ධෝත්තම පියාණන්ගේ ධජය හෝ කතෝලික ධජය අඬකුඹු කර ඔසවා තබන ලෙස කතෝලික සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ ශෝක පණිවිඩ සටහන් කිරීම සඳහා කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලයේ විශේෂ සමරු සටහන් ග්‍රන්ථයක් ද සූදානම් කර ඇති බවයි.

(colombotimes.lk)