09 August 2025

logo

ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනසල්ලෙන්



ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

එහි සඳහන් වන්නේ ගාසා තීරයේ තීරණය තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති බවයි. 

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බවත් රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශවයන්ට සිය මතභේදයන් විසදා ගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත් ද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වනවා. 




(colombotimes.lk)