09 August 2025

logo

ජපානයට තවත් ඛේදවාචකයක්



ජපානයේ කියුසු දූපත් මෙන්ම කගෝෂිමා සහ මියාසාකි ප්‍රදේශවලට ඇද හැළෙන අධික වාර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ 60,000කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට නායයාමේ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ආපදා කළමණාකරණ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

(colombotimes.lk)