2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එම් ඉන්දිකා කුමාරිගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ විභාග දෙපාර්තමේන්තුවේදීයි.
උදෑසන 9.30ට විභාග කටයුතු ආරම්භ කරන බවත් සියලුම සිසුන් අදාළ විභාග මධ්‍යස්ථානය වෙත උදෑසන 8.30 වන විට පැමිණ සිටිය යුතු බව එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ උදෑසන 9.00වන විට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතු බවයි.
(colombotimes.lk)