09 August 2025

logo

කළුතර ප්‍රාදේශීය සභාවේ දෙදෙනෙක් රිමාන්ඩ්



මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප් භාර නිළධාරීනිය හා රියදුරෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එළඹෙන 22වනදා දක්වායි.

පොලීසිය සඳහන් කළේ ඊයේ (08) පස්වරුවේ සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප් ගෙවීමේ කටයුතුවලදී සිදු වූ රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අදාල නිළධාරීනිය හා රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

කළුතර බෝම්ඹුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ 54 හැවිරිදි වියේ පසුවන වාද්දුව ප්‍රදේශයේ රියදුරෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පොලීසිය සඳහන් කළේ කළුතර ප්‍රාදේශීය සභාවේ නිළධාරීයෙක් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)