09 August 2025

logo

ට්‍රම්ප් සහ පුටින් හමුවට දින වෙන්වෙයි



රුසියා - යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් එළඹෙන අගෝස්තු 15වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. 

මෙම හමුව ඇලස්කාවේදී සිදු කිරීමට නියමිතයි.

දෙරටේ නායකයන් හමුවන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිතව සඳහන් කරන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මෙලෙස ට්‍රම්ප් හා පුටින් එක්සත් ජනපද භූමියකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදු කරන්නේ වසර 6කට පමණ පසුව වන අතර අවසන්වරට ඔවුන් 2019 වසරේ දී හමු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

යුක්රේනය සමඟ සටන් විරාමයකට එකඟවීමට ව්ලැඩිමියර් පුටින් පසුගියදා එකඟතාව පළ කර තිබෙනවා. 

එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ දෙරට අතර අත්සන් කිරීමට යෝජිත ගිවිසුමේ භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි. 


(colombotimes.lk)