09 August 2025

logo

ලෝක ආදිවාසීන්ට අද විශේෂ දිනයක්



ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී තිබෙනවා.

1982 වසරේදී ජිනීවාහී පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

ඔවුන් ලෝක ජනගහනයෙන් 6%කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන් දුප්පත්ම අයගෙන් 15%ක් නියෝජනය කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)