02 June 2025


පාසල් සිසුන්ට විශේෂ ව්‍යාපෘතියක්



'Take Care - සුරැකෙමු මගතොට' ව්‍යපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

පාසල් සිසුන් මූලික කර ගනිමින් මෙම දැනුවත් කිරීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දිනපතා ඉහළ යන රිය අනතුරු වළක්වා ගෙන මාර්ගය සැමට සුරක්ෂිත තැනක් බවට පත් කිරීම මෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.

පාසල්වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයන් සම්බන්ධ කර ගනිමින් අධ්‍යාපන කලාප 100ක මෙම යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර තිබෙනවා.

එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000ක් සෘජුවම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)