22 November 2024


ආගමික ස්ථානවලට ලබාදී ඇති ආරක්ෂාව ගැන විශේෂ ප්‍රකාශයක්



ආගමික ස්ථානවලට ලබාදී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජිකයන්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් අද (03) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අස්‍ය පුවත පළකර ඇති බවත් එම තොරතුරු සියල්ල X පණිවිඩයක් මඟින් මේ වන විටත් ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)