11 May 2025


තෙල්වත්තේ සිට සීනිගම දක්වා විශේෂ රථවාහන සැළැස්මක්



අද පස්වරු දෙකේ සිට ගාලු පාර - තෙල්වත්ත මංසන්ධියේ සිට සීනිගම දක්වා විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. 

තෙල්වත්ත - රත්පත් රජමහා විහාරස්ථානයේ මිහිඳු පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාත්මක බව සඳහන්. 
 
මෙම පෙරහැර වීථි සංචාරය කරන කාලය තුළ ගාල්ල දෙසට ගමන් කරන වාහන කහව මංසන්ධියෙන් මීටියාගොඩ දෙසට හරවා අලුත්වල මංසන්ධිය හරහා හික්කඩුව සහ කුමාරකන්ද දෙසට ගමන් කළ හැකියි. 
 
එමෙන්ම තෙල්වත්ත සහ සීනිගම දක්වා කොටසේ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
(colombotimes.lk)