නිරිතදිග මෝසම් කාලගුණ සක්‍රීය වීමත් සමඟ දිවයින පුරා ඇදහැලෙන අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 21කට බලපෑම් සිදු වී තිබෙනවා.
ආපදා කළමනාකරණ අංශයේ ලේකම් කේ. ජී. ධර්මතිලක සඳහන් කළේ මේ වන විට දිස්ත්‍රික්ක 21කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 219ක පවුල් 2,249ක් පීඩාවට පත්ව ඇති බවයි.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ සියල්ලන් සඳහා රජයෙන් වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)