බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (30) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර පවතින අයහපත් කාලගුණය හමුවේ රටපුරා සිදුව ඇති විදුලිය බිඳ වැටීම් සංඛ්‍යාව අද පස්වරු 4.00 වන විට 29,451ක් ලෙස වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)