01 January 2025


දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්



දුම්රිය ප්‍රමාදවීම් සහ අවලංගුවීම් වලට ප්‍රධාන හේතුව දුම්රිය එංජින්වල පවතින හිඟය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ධාවනයට සුදුසු එංජින් පවතින්නේ 50ක පමණ ඉතා අවම ප්‍රමාණයක් බවයි.

ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දුම්රිය එංජින් 70ක් පමණ අවශ්‍ය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අවලංගුවීම් හෝ ප්‍රමාදවීම් නොමැතිව දුම්රිය ධාවනය වීමට නම් අවම වශයෙන් දුම්රිය එංජින් 60ක ප්‍රමාණයක් අවශ්‍ය බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ධාවන තත්ත්වයේ ඇති දුම්රිය එංජින් 50න් බෝහෝ ප්‍රමාණයක් විවිධ කාර්මික දෝෂවලට ලක්වන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

(colombotimes.lk)